ඊර්ෂ්‍යාවෙන් ජය ගැනීම
ඇමේඩියස් චිත්‍රපටියේ වයස්ගත නිර්මාපකයෙකු වන ඇන්ටෝනියෝ සාලියරි ඔහුගේ පියානෝ සංගීතයක් නැරඹීමට පැමිණ සිටි පූජකයෙක් වෙනුවෙන් වාදනය කළේය. ලැජ්ජාවට පත් පූජකයා පාපෝච්චාරණය කළේ ඔහුට තනු හඳුනාගත නොහැකි බවයි. “මේක කොහොමද?” ක්ෂණිකව හුරුපුරුදු තනුවක් වාදනය කරමින් සාලියරි ඇසුවේය. “ඔබ එය ලියා ඇති බව මම දැන සිටියේ නැහැ” කියා පූජකයා කීවේය. “මම එය කළේ නැහැ” කියා සාලියර් පිළිතුරු දෙයි. “ඒ මොසාර්ට්”. නරඹන්නන් සොයා…
විශ්වාසවන්ත යාච්ඤාව
වසර ගණනාවක් තිස්සේ දරුවෙකු ලැබීමට රිචඩ් සහ සූසන් උත්සාහ කළ අතර සූසන් ගැබ් ගත් විට ප්‍රීතියෙන් ඉපිළ ගියහ. කෙසේ වෙතත් ඇගේ සෞඛ්‍ය ගැටළු දරුවාට අවදානමක් ඇති කළ හැකි බැවින් රිඩඩ් සෑම රාත්‍රියකම අවදිව තම බිරිඳ සහ දරුවා වෙනුවෙන් යාච්ඤා කළේය. දෙවියන්වහන්සේ සියල්ලක්ම භාරගත් බවට පොරොන්දු වී තිබූ නිසා එතරම් වෙහෙස මහන්සි වී යාච්ඤා කිරීමට අවශ්‍ය නැතැයි යන හැඟීමක් එක් රාත්‍රියක…
දෙවියන්වහන්සේගේ දරුවෝ
වරක් මම දරුවන් නොමැති ජෝඩු සඳහා ආගමික නොවන සමුළුවකදී කථා කළෙමි. වඳ භාවයට ගොදුරු වූ බොහෝ සහභාගී වන්නන් ඔවුන්ගේ අනාගතය ගැන බලාපොරොත්තු සුන්කර ගෙන සිටියහ. දරුවන් නොමැති මාර්ගයේ ගමන් කළ මමද ඔවුන් දිරිගැන්වීමට උත්සාහ කළෙමි. “දෙමව්පියන් නොවී ඔබට අර්ථවත් අනන්‍යතාවයක් ලබා ගත හැකිය” කියා මම කීවෙමි. “මම විශ්වාස කරන්නේ ඔබ භයානක ලෙසත් පුදුම ලෙසත් සාදන ලද බවයි. ඔබට සොයා ගැනීමට…
අපගේ සැබෑ චරිත ස්වභාවය
මගේ දෙමාපියන්ගේ පැරණි ඡායාරූප ඇල්බමය තුළ කුඩා පිරිමි ළමයෙක්ගේ පින්තූරයක් තිබුණි. ඔහුට වටකුරු මහුණක්, හමේ දුඹුරු පැහැති ලප සහ ලා-තළෙළු කෙළින් කෙස් කළඹක් තිබුණි. ඔහු කාටූන් වලට බොහෝ කැමැත්තක් දැක්වීය. අලිගැට පේර වලට අකමැතිය. එසේම “ඇබා” සංගීත කණ්ඩායමේ එක් සංගීත තැටියකට හිමිකම් කීවේය. එසේම එම ඇල්බමය තුළ තවත් යෞවනයෙක්ගේ පින්තූරයන්ද තිබුණි. ඔහුගේ මුහුණ දිගටිය; වටකුරු නැත. ඔහුගේ කෙස් රැළි සහිතය;…
වරදකාරී හැඟීම සහ සමාව
මානව විද්‍යාඥ ඩොනල්ඩ් බ්‍රවුන් සිය “මානව විශ්ව” (Human universals) නම් පොතෙහි මානව වර්ගයා අතර පොදු යැයි සැළකෙන හැසිරීම් රටා හාරසියයකට වඩා ලැයිස්තු ගත කර තිබේ. සෙල්ලම් බඩු, විහිළු, නැටුම් සහ හිතෝපදේශ, සර්පයන්ගේ යුධමය බව සහ නූල්වලින් ගැටගැසිම වැනි දේ එයට ඇතුළත් වේ. ඒ හා සමානව සෑම සංස්කෘතියකම හරි වැරැද්ද පිළිබඳව සංකල්ප ඇති බවත්, ත්‍යාගශීලිත්වයට ප්‍රශංසා කරන බවත්, පොරොන්දු අගය කරන…
සොබාදහම දැකීම
මගේ මිතුරෙක් සහ මම, ඇවිදීමට මම ප්‍රිය කරන ස්ථානයකට මෑතකදී ගියෙමු. සුළඟට විවෘත කඳු මුදුනකට නැගුණු අපි කැලෑ මල් පිට්ටනියක් තරණය කර ඉහළ වනාන්තරයකට ගියෙමු. පසුව මිටියාවතකට බැස මොහොතකට නතර වීමු. වලාකුළු අපට ඉහළින් මෘදු ලෙස පාවී ගියේය. ඒ අසල ගංගාවක් සෙමින් ගළා ගියේය. එකම ශබ්දය වූයේ කුරුල්ලන්ගේ නාදයයි. ජේසන් සහ මම විනාඩි පහළොවක් නිහඬව එහි සිටගෙන ඒ සියල්ල රස…
පළමුව කිරි පැමිණේ
හත්වන සියවසේදී, දැන් එක්සත් රාජධානිය ලෙස හඳුන්වනු ලබන රාජධානියේ බොහෝ රාජධානි තිබුණු අතර ඔව්හු නිතරම යුද්ධ කර ගත්හ. නෝර්ටුම්බ්රියාවේ ඔස්වල්ඩ් නම් එක් රජෙක් යේසුස්වහන්සේගේ ඇදහිලිවන්තයෙක් වූ අතර ශුභාරංචිය තම ප්‍රදේශයට ගෙන ඒම පිණිස ඔහු එක මිෂනාරිවරයෙක් කැඳවූයේය. කෝර්මන් නම්වූ මනුෂ්‍යයෙක් යවන ලද නමුත් තත්ත්වය යහපත් නොවීය. ඉංග්රිසින් “මුරණ්ඩු”, “ම්ලේච්ඡ” සහ ඔහුගේ දේශනා ගැන උනන්දුවක් නොදක්වන නිසා ඔහු ආපසු හැරී නිවසට…
රළු මිනිසුන්
ලුසී වෝර්ස්ලී බ්‍රිතාන්‍ය ඉතිහාසඥවරියක් සහ රූපවාහිණී ඉදිරිපත් කරන්නියක්ද වූවාය. මහජනතාවගේ අවධානයට ලක්වන බොහෝ මිනිසුන්ට මෙන් ඇයට සමහර විට අප්‍රසන්න ලිපි ලැබෙයි. ඇයගේ කාරණයේදී මෘදු ලෙස කථා කිරීමේ බාධාවක් නිසා ඇයගේ “ර” ශබ්දය “අ” ශබ්දය මෙන් ඇසේ. එක් අයෙක් ඇයට මෙසේ ලිවීය. “ලුසී, මම කෙළින්ම කියන්නම්. කරුණාකර ඔබේ කම්මැලි කථාව නිවැරදි කිරීමට හෝ ඔබේ අත් පිටපතෙන් “ර” ශබ්දය ඉවත් කිරීමට හෝ…
පැල්පත්වල ගායනා
කැටෙයුරා යනු දකුණු අමෙරිකාවේ පැරගුවේ හි කුඩා මුඩුක්කුවකි. අන්ත අසරණ ලෙස දුප්පත් වූ පිරිසක් මෙහි වාසය කරන අතර ඔවුන් නොනැසී ජීවත්වෙන්නේ එහි කුණු කසල වලින් ප්‍රතිචක්‍රීකරණය (recycling) කිරීමෙනි. නමුත් මෙම අවිනිශ්චිත තත්ත්වයන්ගෙන්, අලංකාර දෙයක් මතු වී ඇත - සංගීත වාදක කණ්ඩායමක්.
කැටෙයුරා හි වයලීනයකට නිවසකට වඩා වියදමක් දැරීමට සිදු වන නිසා, සංගීත කණ්ඩායමට නිර්මාණශීලි වීමට සිදුවූ අතර, ඔවුන්ගේම කුණු කසල…
භියට මුහුණ දීම
වොරන් දේවස්ථානයක දේවගැතිවරයෙක් වීමට කුඩා නගරයකට ගියේය. ඔහුගේ දේව සේවයේ යම් සාර්ථකත්වයක් ඇති වෙන්න පටන් ගත් කල්හි එක් ප්‍රදේශ වාසියෙක් ඔහුට විරුද්ධ විය. උපාය ශීලීව වොරන්ට එරෙහිව බිහිසුණු චෝදනාවක් එල්ලි කරමින් ඔහු එම කථාව ප්‍රාදේශීය පුවත්පතකට ගෙන ගොස් පත්‍රිකා මුද්‍රණය කර ප්‍රාදේශීය වැසියන්ට තැපෑලෙන් බෙදා හැරීමට කටයුතු කළේය. වොරන් සහ ඔහුගේ බිරිඳ දැඩි ලෙස යාච්ඤා කරන්න පටන් ගත්තේය. බොරුව විශ්වාස…